චීනයේ ‘‘චිංග්ලිෂ්’’ තහනම් කළා සේ ශ්‍රී ලංකාවේ “සිංග්ලිෂ්” තහනම් කළ යුතුය

“අන්තර්ජාලයේ පොඩි රස්තියාදුවක් ගහන ගමන් මේක දැක්කෙ…කාටත් වැදගත් මාතෘකාවක් නිසා මගෙ බ්ලොගෙත් පල කරන්න හිතුන..”

චීන භාෂාවේ සුපිරිසිදු බවට කැළැල් ඇති වීමේ හේතුවෙන් මින් ඉදිරියට චීන ජනමාධ්‍යය විසින් විදේශීය භාෂා වචන භාවිතා කරමින් සිදු කරන්නා වූ මාධ්‍ය භාවිතය සපුරා තහනම් කිරීමට චීන රජය තීරණය කර ඇත. චීනයේ ඇති කරන ලද ධනවාදී ආර්ථික ප්‍රතිපත්තියත් සමඟ ඉංගිරිසිය ඇතුළු නේකවිධ විදේශීය භාෂාවන්ගෙන් චීන භාෂාවේ සහා සංස්කෘතියේ සුපිරිසිදුත්වයට සැළකිය යුතු හානීයක් අත් කර දීම නිසාවෙන් මෙවැනි නීතියක් පැණවීමය හේතු වූ බව චීන රජය විසින් පෙන්වා දී ඇත.

මෙම නව නීතිය නිසාවෙන් මින් ඉදිරියට කිසිදු චීන ස්වදේශීය මාධ්‍යයක් (පුවත්පත්, ගුවන් විදුලි, රූපවාහිනී) මොනයම්ම ලෙකින්වත් ඉංග්‍රිරිසි වචනහෝ වෙනත් විදේශීය භාෂාවක වචන හෝ භාවිතා කරමින් මාධ්‍යය හැසීරවීම සපුරාතහනම් වන අතර එසේ මාධ්‍යය භාවිතා කරන්නට එරෙහිව මින් ඉදිරියට නව නීතියෙන් මඟින් දඬුවම් පැමිණිය හැකිය. මෙම නව නීතිය අනුව විදේශීය භාෂාවක සංකේතාත්මක කෙටි යෙදුම් කිසි ලෙසකින්වත් යොදා ගැනීම නොකළ යුතු අතර සම්මත චීන භාෂා සම්ප්‍රධාය තුළ නව යෙදුම් භාෂාවේ අනන්‍යයතාවට හානී නොවන ලෙස තනා ගත යුතු අතර විශේෂයෙන් ඉංගිරිසිය සමඟ කලවම් කර තනාගන්නා වූ “චිංග්ලිස්” භාවිතය ද සම්පූර්ණයෙන්ම තහනම් වේ. තවද නව නීතිය අනුව මාධ්‍යය භාවිතයේ දී විදේශීය භාෂාවක යම් වචනයක් භාවිතා කිරීමට අවශ්‍යයම නම්, ඒ සඳහා චීන භාෂාවෙන් නිදසුන් සහිත පහැඳිළි කිරීමක් ද එක් කළ යුතු වීම අනිවාර්ය වේ.

උපුටාගැනීම: http://www.lankacnews.com/sinhala/index.php?option=com_content&view=article&id=3938%3A2010-12-21-14-38-46&catid=76%3Ahot-topic&Itemid=271

අපේ අතිජාත මිත්‍ර රටක් වන චීනයේ මෙම තීරණයට අපිනම් සිංහලයින් ඒකමතිකව කැමති විය යුතුය. මන්ද යත් එමගින් ඉංග්‍රීසියට සහ ඉංග්‍රීසියට කහින සුදු සිංහලයින්ට කනේ පාරක් වදින නිසාය. තව දසක කිහිපයකින් චීන බස ලෝක බස වනු ඇත. විශේෂයෙක් එහි ඇති වැදගත් කමනම් චීන බස ඉගෙනීම යනු භාවනාවක් මෙන් දෙයක් වීමයි. ඉංග්‍රීසිය මෙන් අකුරු අඩු දුර්වල බසක් නොව එය ඉතාමත් පොහොසත් බසකි.

දැන් ශ්‍රී ලංකාව දෙසට හැරෙමු. රටක් දියුණු වන්නේ පරගැති වීමෙන් නොව ස්වභාෂා ප්‍රතිපත්තියකිනි. චීනය එයට කදිම ආදර්ශයකි. ලොක බලවතුන්ට ඒ අයටම අනන්‍ය වූ භාෂා ඇත. ඉංග්‍රීසිය ඉවත් කරන්නයැයි කීමට තරම් අපි අන්තගාමී නොවෙමු. නමුත් ඉංග්‍රීසිය මෙන්ම චීන බසද පාසල් වල ඉගැන්වීම ත්‍රීව්‍ර කරන ලෙස අපි යෝජනා කරමු. මන්ද යත් විසි එක් වන සියවසේ මැද භාගයෙන් පසු ලෝක බාසව චීන බස වන බැවිනි. වෙසෙසින්ම ශ්‍රී ලංකාව තුල මාධ්‍ය භාවිතයේදී සිංහල බස රැක ගැනීම උදෙසා සිංහල බාසාව යොදාගන්නා ආකාර පිළිබඳව නව නීති ඇති කල යුතුය. බුද්ධිමතුන්යැයි කියාගන්නා ඉන්දීය ගැති සම”හරක්” අය ඉන්දියාවෙන් අපිට ගත හැකි ආදර්ශ ගැන කතා කරයි. එම රටින් භාෂාව උගැන්වීම පිළිබඳ වැඩමුළු වලටත් යයි. නමුත් අද හින්දි භාෂාවට ගිය කළ දන්නේ භාශාප්‍රේමී ඉන්දියානුවන්මය. ඉන්දීය තරුණ පරපුර අද කතා කරන්නේ හින්දිත් නොවන ඉන්ග්‍රීසිත් නොවන කලවම් බසකි. ඒ අයගේ ඔලුත් එලෙසය. මෙලෙස ගියහොත් ඒ දේම සිංහල බාසාවට වීමත් වැඩි ඈතක නොවේ.

ශ්‍රී ලංකාවේ “ජඩමාධ්‍ය” වලින් සිංහල බසට කරන දේ අන්තය. පළමුව රාජ්‍ය මාධ්‍ය ගත්තොත් ජාතික රූපවාහිනියේ සිංහල පුවත් ව්කාශයේදී යටින් ලියා ඇත්තේ “SINHALA NEWS” ලෙසය. ඇයි ඒ අයට “සිංහල පුවත්” ලෙස ලිවීම මදි කමක්ද? එසේම සිංහල ජාතික ඇඳුම අඳින ජාතික නායකයෙක්, දේශපාලඥයින් සිටින රටක සිංහල පුවත් විකාශය කරන්නන් අඳින්නේ “ටයි කෝට්” ය. සමහර විට ජාතික ඇඳුමින් රූපවාහිනි වල පෙනී සිටීම මේ පරගැත්තන්ට මදි කමක් විය හැක. 2002 දී රනිල්ගේ ආණ්ඩුවෙන් රූපවාහිනී සිංහල පුවත් “මොඩ්” කිරීමේ සිට අද දක්වාම දි පුවත් විකාශය කරන්නේ “කතා කරන භාෂාවෙනි”. කතා කරන භාෂාව ලෙස සිංහල භාශිතයක් නොමැති බව දන්නෝ දනිති. එය වැරදි ලෙස සිංහල වැහැරීමකි. කුමරතුඟු මුනිදසුන් එය මනාව පැහැදිලි කර ඇත. ඊනියා “කතා කරන භාෂාව” අසන ලමුන් විභාගයේදී සිංහල අසමත් වෙති. නමුත් අද දක්වාම ස්වාධීර රූපවාහිනිය සහ ගුවන් විදුලි සංස්ථාව නියම සිංහල බසින් පුවත් විකාශය කරයි. ඒවා වහ කදුරු වී ඇති විපක්ෂ දේශපානලන පක්ෂ වල පවුල් වල දරුවන්ට නියම සිංහල බස කවදාවත් ඇසීමට ලැබෙන්නේ නැත. එනිසා ඒ දරුවන් මෙය පොතේ බසක් පමණක් ලෙස සිතනවා ඇත.

පුද්ගලික “ජඩ”මාධ්‍ය ගැනනම් කතා කර වැඩක් නැත. සිංහල භාෂාව උලාගෙන කෑම ආරම්භ කලේ “මහාරාජා” (සිරස) මාධ්‍ය ජාලයයි. ඊට අමතරව ශ්‍රී, යර්ස්, හිරු වැනි පෞද්ගලික ගුවන්විදුලි වල සිංහල බාසාව යොදාගනීම අන්තිමය.ආහාර පිසීම, කොණ්ඩා සැරසිලි වැනි කාන්තාවන් උදෙසා කරන වැඩසටහන් වල බාගෙට බාගයක් ඉංග්‍රීසි වචනය. විටෙක මෙය බටහිර කුමන්ත්‍රණයක් දැයි සිතේ. සිංහල පුවත් විකාශයේදී හෝ ලිපියකදී සිංහල වැරදුනාට කවුරුත් කතා කරන්නේවත් නැත. එහෙත් ඉංග්‍රීසි ලිපියකදී හෝ පුවත් විකාශයේදී පර බස වැරදුනහොත් මිනිසෙක්ව මැරුවා සේ කෑ ගැසීමට කට්ටිය සිටිති.

භාෂාප්‍රේමි රජයේ දේශපාලඥයිනි, දැන් ඔබට වැදගත් තීරණයක් ගැනීමට කාලයයි. සිංහල භාෂාව කන කිසිවෙක් ඔබට ඡන්දය දෙන අය නොවෙති. එනිසා ඔබ සැම ලඟදී ගත් වැදගත් තීරන මෙන්ම මෙයත් නොවලහා ගත යුත්තකි. එනම් සිංහල භාෂාව වැරදි ලෙස ජනමාධ්‍ය තුල යොදා ගැනීම තහනම් කළ යුතුය. සිංහලෙන් කතා කරනවානම් සිංහල පමණක් විය යුතුය, ඒද ඉංග්‍රීසි වචන නොමැති පිරිසිදු සිංහලෙනි. පුවත් විකාශය ව්‍යාකරණාකූල සිංහලෙන් පමණක් විය යුතුය. එසේම අනිවාර්යයෙන් භාවිතයට පහසු සිංහල තාක්ෂණික පද හඳුවා දිය යුතුය. දනට තිබෙන සිංහල තාක්ෂණික පද ඉගෙනගන්නවාට වඩා චීන බස ඉගෙනීම පහසුයැයි සමහරුන් කියති. ලිවීමේදී ඉංග්‍රීසි වචන යොදා ගැනීමට අවශ්‍යනම් ඒවා උදෘත ඇතුලත ලිවිය යුතුය. සිංහල පුවත් විකාශයේදී ජාතික ඇඳුම ඇඳීම අනිවාර්ය කල යුතුය.

මෙම ලිපියේ මාතෘකාවේ “සිංග්ලිශ්” ලෙස දක්වා ඇත්තේ අප “ටයිප්” කිරීමට යොදා ගන්නා “සිංග්ලිශ්” නොව ඉංග්‍රීසි සහ සිංහල වචන මිශ්‍ර කරමින් යොදා ගන්නා අච්චාරු බාසාවයි. චීනයේ ‘‘චිංග්ලිෂ්’’ තහනම් කළා සේ ශ්‍රී ලංකාවේ “සිංග්ලිශ්” තහනම් කළ යුතුය සියලුම සිංහල භාෂා ප්‍රේමීන්ගේ අවධානය මෙයට යොමු වෙත්වා

උපුටා ගැනීම-සිංහල බෞද්ධයා වෙබ් අඩවිය

By රංග ජයවර්ධන

Read more: http://sinhalabuddhist.com/2010/12/chinglish/#ixzz2NUngiW9k Under Creative Commons License: Attribution

Advertisements

ඇරඹුම.

මම තත්සර..මම ගැන පොඩි හැදින්වීමක් කරන්නම එපැයි..පැටිය තාම පොඩි කොල්ලෙක්….ලෝක මැට්ටෙක් වගේම පිස්සු යකෙක්..තුන පහ කුඩු වලින් තේ හැදුව කිව්වම ඉතින් මගෙ එලබ සිටි සිහියයි නුවනෙ ප්‍රමානයයි වැටහෙනව ඇතිනෙ….බ්ලොග් ලෝකෙට ආපුම අලුත් වගේ…සයිබර් අවකාශයේ මේ කොටස ගැන වැඩි දැනුමක් නම් නෑ…හැබැයි ඔහොම යනකොට ඒකත් හරියයි….මම ලියන්නෙ කාටවත් කියවන්න නෙවෙයි, ප්‍රසිද්ධියටත් නෙවෙයි . හුදෙක්ම ලියන්න ඇති කැමත්ත නිසාමයි.(ඔය බන කිව්වට ඉතින් මේක කව්රු හරි බලාවි කියල ජුන්ඩං බලාපොරොත්තුවක් හිත කොනක නැත්තෙමත් නෑ.)…ඔහේ හිතෙන විකාර ලියනව..දැන් කට්ටිය හිතාවි “කාටවත් බලන්න නෙවෙයිනම් ලියන්නෙ මොන ඇටේකටද කියල”..ඒක පැහැදිලි කලොත් මෙහෙමයි…මම කැමතියි මම ලබපු හා ලබන රසබර අත්දැකීම් මෙහි පල කරන්න වගේම දැනුම බෙදාගන්න…යමක් දෙන්න….එතකොට තවත් කෙනෙකුට කියවල අඩුමගානෙ සිගිති ආතල් එකක්වත් ගත්ත හැකිනෙ…දැනට එපමනයි…එහෙනම් ඉතින් ඔන්න ලලිතාවකාශයතුල පලමු පෝස්ටුව….ඉස්සරහට තව හොද හොද එව්වා…

.ඉතින් ඇරබුමේම කියන්නෙ කාගෙවත් හිත රිදෙන දෙයක් මගෙ අතින් ලිය උනොත් ඉතින් සමාවෙන්ඩල…මොකද ඉතින් ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයිනෙ.(වයර් ශෝට් වුන වෙලාවල් වල හිතට එන ඕන බයිලයක් ඔහේ ඇරල දානව ඉතින් මොන කුනුහබ්බ ලියාවිද කව්ද දන්නෙ)…